Home » පහ­තට වැටී තිබූ දුර­ක­තන රැහැන් ඉවත් නොකළ නිසා මගේ මල්ලිගේ ජීවි­තය නැති වුණා

පහ­තට වැටී තිබූ දුර­ක­තන රැහැන් ඉවත් නොකළ නිසා මගේ මල්ලිගේ ජීවි­තය නැති වුණා

මිය­ගිය රවී­න්ද්‍රගේ සොයුරා සාක්ෂි දෙයි

by damith
October 7, 2024 12:35 pm 0 comment

කරා­පි­ටිය සමූහ - එස්. ලොකු­ක­ර­විට

“පහ­තට එල්ලෙ­මින් තිබූ දුර­ක­තන රැහැන් අන­තු­රු­දා­යක බව ගම්වැ­සි­යන් දැනුම්දී තිබු­ණත් ඒවා ඉවත් නොකි­රීම නිසා මගේ මල්ලීගේ ජීවි­තය අකා­ලයේ අහිමි වෙලා ගියා.” යැයි ගාල්ල, බට­දූවේ විදුලි අධි­කා­රි­ව­ර­යකු ලෙස කට­යුතු කරන චමින්ද ඉලේ­සිංහ මහතා (47) තම සොහො­යු­රාගේ මරණ පරී­ක්ෂ­ණ­යේදී සාක්ෂි දෙමින් කීවේය.

මෙලෙස මිය­ගොස් ඇත්තේ භාණ්ඩ බෙදා­හැ­රීමේ සේවා ආය­ත­න­යක සේව­ක­යකු ලෙස කට­යුතු කළ රවීන්ද්‍ර ලංකේ­ෂ්වර ඉලේ­සිංහ (42) නමැති අයෙකි.

මහ­ම­ඟට පහත්වී තිබූ දුර­ක­තන රැහැ­නක බවු­ස­ර­යක් පැටලී දුර­ක­තන කණු­වක් කඩා­ගෙන මහ­මඟ යතු­රු­පැ­දි­ය­කින් ගමන් කර­මින් සිටි රවී­න්ද්‍රගේ හිස මත

පතිත වීමෙන් මේ මර­ණය සිදුව තිබුණි. පසු­ගිය 03 වැනිදා සිදු වූ මේ අන­තු­ර­කින් බර­ප­තළ තුවාල ලබා රවීන්ද්‍ර, ගාල්ල ජාතික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පසු­ගිය 04 වැනිදා රාත්‍රියේ මිය­ගි­යේය. මේ මර­ණය සම්බන්ධ පරී­ක්ෂ­ණය ගාල්ල ජාතික රෝහලේ අධි­ක­රණ වෛද්‍ය අංශ­යේදී හදිසි මරණ පරී­ක්ෂක චන්ද්‍ර­සේන ලොකුගේ මහතා විසින් සිදු කරන ලදි.

එහිදී වැඩි­දු­ර­ටත් සාක්ෂි දුන් චමින්ද ඉලේ­සිංහ මහතා මෙසේ ද කීවේය.

“පාරේ තිබෙන දුර­ක­තන රැහැන් ගොඩක් පාරට පහ­ත්වෙලා තිබිලා තියෙන්නේ. මේ ගැන ගම්වා­සීන්, බල­ධා­රීන් දැනු­ම්වත් කර තිබුණා. නමුත් ඒවා පිළි­ස­කර කිරී­මට කවු­රු­වත් කට­යුතු කර තිබුණේ නෑ. මගේ මල්ලි රාජ­කාරි වැඩ­කට යමින් සිටි­යදී තල්ග­ම්පළ ප්‍රදේ­ශ­යේදී මාර්ගයේ ධාව­නය වූ බවු­ස­ර­යක දුර­ක­තන රැහැන් පැට­ලිලා ඒ එක්කම දුර­ක­තන කණු දෙකක් කඩා වැටිලා. එකක් මල්ලිගේ ඔළු­වට තමයි වැටිලා තියෙන්නේ.”

මිය­ගිය තැනැ­ත්තාගේ බිරිය වන දොළගේ කුමාරි රෝෂිණී නිමේෂා ස්වර්ණ­මාලි විජේ­රත්න මහ­ත්මිය (28) සාක්ෂි දෙමින් මෙසේ කීවාය.

“පහු­ගිය තුන් වැනිදා මහ­ත්තයා වෙනදා වගේම වැඩට ගියා. දවල් 11.00ට විතර මට කතා කරලා කිව්වා වැඩ­කට යන ගමන් කියලා. 11.45ට කෝල් එකක් ආවා මහ­ත්තයා ඇක්සි­ඩන්ට් වෙලා කියලා. මහ­ත්ත­යාට ඉස්ස­ර­හින් ගිය බවු­ස­ර­යක ටෙලි­ෆෝන් වයර් පැට­ලිලා, කණු දෙකක් කඩා වැටිලා. එකක් බවු­සරේ ඉස්ස­ර­හින් වැටිලා. අනික මහ­ත්ත­යාගේ ඇඟ උඩට වැටිලා ඔළුව, අත­පය තුවාල වෙලා ඉස්පි­රි­තා­ලෙට අරන් ගියා කිය­ලත් කිව්වා. මම ඉස්පි­රි­තා­ලෙට යන­කොට මහ­ත්තයා දැඩි සත්කාර ඒක­කයේ මැෂින් හයි කරලා තිබුණේ. කෑග­ගහා හිටියා වේද­නා­වෙන්. ඇඟ හැම තැනම තුවාල තිබුණා. ලේ ගලලා තිබුණා. රෑම සැත්ක­මක් කරලා තිබුණා. වෛද්‍ය­ව­රුන් කිව්වා තත්ත්වය අසා­ධ්‍යයි කියලා. හතර වැනිදා රෑ11.40ට විතර මහ­ත්තයා නැති­වුණා කියලා ඉස්පි­රි­තා­ලෙන් කෝල් කරලා කිව්වා.”

බවු­ස­රයේ රියැ­දුරු ජය­සිංහ ආර­ච්චිගේ ජගත් ජය­සිංහ (39) මහතා ද මෙසේ සාක්ෂි දුන්නේය.

“මම පදිංචි මීරි­ගම. මම නාකි­යා­දෙ­ණියේ ඉඳලා මුතු­රා­ජ­වෙ­ලට පාම් ඔයිල් ප්‍රවා­හ­නය කර­නවා. එදත් පාම් ඔයිල් අර­ගෙන යද්දී මේ අන­තුර වුණේ. මම රස්සා­වට ඇවිත් මාස තුනක් විතර වෙනවා. මම හතර වතා­වක් විතර මේ බවු­ස­රය මේ පාරේ ධාව­නය කර තියෙ­නවා. තුන්වැ­නිදා තල්ග­ම්පළ හොර වංගුව ගනිද්දී මට දැනුණා, බවු­ස­රය උඩ මොන­වා­හරි පැට­ලෙන බව. බවු­ස­රය බිම ඉඳලා අඩි 8.5ක් විතර උස ඇති. පැට­ලෙ­න­වාත් එක්කම මම තිරිංග තද කළා. ඒ එක්කම ඉස්ස­රහ පාරේ වම් පැත්තේ තිබුණු ටෙලි­ෆෝන් කණු­වක් පාර හරහා වැටුණා. ඒ එක්කම පාරේ දකුණු පැත්තේ තිබුණු ටෙලි­ෆෝන් කණු­ව­කුත් වැටිච්ච බව පැති කණ්ණා­ඩි­යෙන් දැක්කා. යතු­රු­පැ­දියේ ගිය කෙනෙක් ඒ කණු­වට යට වෙලා ඉන්නවා දැක්කා. වාහනේ නතර කරලා ගිහින් බැලුවා. එයාට ගොඩාක් තුවාල වෙලා තිබුණා. පාරේ යන වාහ­න­යක දාලා ඉස්පි­රි­තා­ලෙට යැව්වා. මමත් වාහ­න­යත් පොලි­සි­යට අරන් ගියා. පහු­වදා මම උසා­වි­යට ඉදි­රි­පත් කළා. මට ඇප දුන්නා. අද දැන ගත්තා තුවා­ල­කරු නැති­වෙලා කියලා.”

මේ මර­ණය සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කරන ලද්දේ ගාල්ල ජාතික රෝහලේ සහ­කාර අධි­ක­රණ වෛද්‍ය ශෂිනි නිලු­ද්ධිකා මහ­ත්මිය විසිනි.

වෛද්‍ය­ව­රි­යගේ වාර්තාව සහ ඉදි­රි­පත් වූ සාක්ෂි සැල­කි­ල්ලට ගත් හදිසි මරණ පරී­ක්ෂක චන්ද්‍ර­සේන ලොකුගේ මහතා මේ මර­ණය සිදුව ඇත්තේ දුර­ක­තන කණු­වට යට­වී­මෙන් හිසට, උද­ර­යට සහ අත්පා­ව­ලට සිදු වූ බහු­විධ තුවාල හේතු­වෙන් යැයි තීර­ණය කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT