Home » 2026 T20 ලෝක කුසලානය දක්වා ප්‍රධාන පුහුණුකරු තනතුර සනත් ජයසූරියට

2026 T20 ලෝක කුසලානය දක්වා ප්‍රධාන පුහුණුකරු තනතුර සනත් ජයසූරියට

by chanaka
October 7, 2024 12:40 pm 0 comment

සනත් ජයසූරිය මහතා 2026 T20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

‘ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ, ජයසූරිය ‘අතුරු ප්‍රධාන පුහුණුකරු’ ලෙස කටයුතු කළ ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පසුගියදා පැවැති සංචාරවලදී කණ්ඩායම දැක්වූ දස්කම් සැළකිල්ලට ගනිමිනි.

මෙම පත්වීම 2024 ඔක්තෝබර් 1 දින සිට බලාත්මක වූ අතර, 2026 මාර්තු 31 දක්වා පවතිනු ඇත.’

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT