Home » රනිල්ගේ ආරක්ෂාව ඉවත් කළැයි කීම අමූලික බොරුවක්

රනිල්ගේ ආරක්ෂාව ඉවත් කළැයි කීම අමූලික බොරුවක්

X-PSD 08 ආරක්ෂක කොට්ඨාසය තාමත් ක්‍රියාත්මකයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by sachintha
October 8, 2024 3:14 am 0 comment

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට සිටි සියලුම ආරක්ෂක නිලධාරීන් ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙරටේ හිටපු අටවන ජනාධිපතිවරයා හෙයින් ඔහු වෙනුවෙන් එක්ස් පී.එස්.ඩී 08 ලෙස වෙනමම ආරක්ෂක කොට්ඨාසයක් ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා අවධාරණය කරයි. මෙරට හිටපු සෑම ජනාධිපතිවරයකුගේම ආරක්ෂාව වෙනුවෙන් එවැනි ආරක්ෂක කොට්ඨාස වෙන වෙනම ක්‍රියාත්මක බවද නිහාල් තල්දූව මහතා කියයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් කිසිසේත් ඉවත් කර නොමැති බවත්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පනස්දෙනෙකු ඇතුළු හිටපු අනෙකුත් නිලධාරීන් තවදුරටත් ආරක්ෂාව සඳහා යොදවා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෑතක් වනතුරුම ජනාධිපති ආරක්ෂක අංශය විසින් හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සැපයූ බවත් ජනාධිපති ආරක්ෂක අංශය හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ක්‍රියාත්මක වන බවත් කියා සිටියේය.

හිටපු සෑම ජනාධිපතිවරයෙකුටම වෙනම ආරක්ෂක අංශයක් ක්‍රියාත්මක වන බවත් එම අංශය එක්ස් පී.එස්.ඩී 01/02 /03 ආදී ලෙස නම් කරන අතර රනිල් වික්‍රමසිංහ මහතා මෙරටේ හිටපු අටවන ජනාධිපතිවරයා හෙයින් ඔහු වෙනුවෙන් එක්ස් පී.එස්.ඩී 08 ලෙස වෙනමම ආරක්ෂක කොට්ඨාසයක් ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

එම ආරක්ෂක කොට්ඨාසයට කොපමණ නිලධාරීන් සංඛ්‍යාවක් අවශ්‍යද යන්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් විසින් තීරණය කර අදාළ නිලධාරීන් සංඛ්‍යාව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT