නොච්චියාගම, වල්පලගම ප්‍රදේශයේ නිවසක ඊයේ (08) ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය නිවේදනය කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වල්පලගම, නොච්චියාගම ප්‍රදේශයේ පදිංදිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
පවුල් ආරවුලක් ඇති බවට 119 මධ්‍යස්ථානයෙන් ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීම සඳහා රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් එම ලිපිනයට ගොස් තිබෙයි.
එහිදී නිවසේ පුද්ගලයෙකු සිහිසුන්ව වැටී සිටියදී රෝහල් ගතකිරීමට කටයුතු කර ඇති අතර වෛදවරුන් විසින් පරීක්ෂාකර එම පුද්ගලයා මියගොස් ඇති බවට දන්වා ඇත.
ඔහු තම බිරිඳ සමඟ බීමත්ව නිතර ආරවුල් ඇති කරගන්නා අයෙකු බවට හා අසල්වාසීන්ට බැණවදින පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.