Thursday, May 15, 2025
Home » ඇතුගල සමාධි බුදුපිළිම වහන්සේට වසර 21යි

ඇතුගල සමාධි බුදුපිළිම වහන්සේට වසර 21යි

සර්වරාත්‍රික ආලෝක පූජාවක්

by sachintha
October 8, 2024 2:30 am 0 comment

කුරුණෑගල, ඇතුගල මත පිහිටි 88 රියන් සමාධි බුදුපිළිම වහන්සේ ලෝකවාසී ජනතාවට වන්දනාමානය සඳහා නිරාවරණය කර වසර 21ක් සපිරීම පෙරේදා (6)ට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් සර්වරාත්‍රික ආලෝක පූජාවක් පැවැත්වීමට කටයුතු කළ බව සංගමයේ සභාපති විමලා කුමාරගේ මහත්මිය පැවසුවාය.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දැවැන්ත ඇතුගල මත ඉදිකර ඇති සමාධි බුදුපිළිමය ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම බුදුපිළිමයන් කිහිපයෙන් එකක් වන අතර, කුරුණෑගල නගරයේ සිට අඩි 700ක් පමණ උසින් පිහිටා තිබීමත් මෙම ස්ථානයට රථවාහනයකින් වුවත් ගමන් කිරීමේ හැකියාව තිබීමත් නිසා දුෂ්කරතාවකින් තොරව ඕනෑම කෙනකුට මෙම පිළිමය වන්දනාමාන කිරීමේ හැකියාව තිබීම විශේෂත්වයකි. හස්ති ශෛලපුර බුදුරුව සංවර්ධන සමිතිය මඟින් මෙම බුදුපිළිමය ඉදි කරනු ලැබූ අතර නඩත්තු කටයුතු සිදු කරමින් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකි වූ ස්ථානයක් බවට පත් වී ඇත.

මාවතගම – ආනන්ද විජේතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT