බෙන්තර ගගේ සිටින කිඹුලන් විශාල ලෙස වැලිපැන්න, ඉත්තෑපාන, ගොවිජනසේවා බලප්‍රදේශවල ඇළ මාර්ග හරහා ප්‍රදේශයේ ගම්මානවල ජල මූලාශ්‍රවලට පැමිණීමෙන් තම ජීවිත විශාල අවදානමකට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
වැලිපැන්න සහ ඉත්තෑපාන පොලිස් බලප්‍රදේශවල පිහිටි මූණමල්වත්ත, ගඟ ඇතුළු යාබද ඇළ මාර්ගවල විශාල වශයෙන් සැරිසරන කිඹුලන් බහුලවීම නිසා මේ වන විට මිනිස් ජීවිත ගණනාවක් කිඹුලන්ට බිලිව ඇතැයි ද ඔවුහු කියති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉත්තෑපාන තේ සමිතියේ සභාපති සනත් අධිකාරම් මහතා මෙසේ පැවසීය.
Òවියළි කලාපයේ වනඅලි ගැටලුව තරමටම වැලිපැන්න, ඉත්තෑපාන ප්‍රදේශයේ කිඹුල් තර්ජනය ප්‍රබල වෙලා තියෙනවා. මේ වන විට මාස හයක්, හතක් ඇතුළත මිනිස් ජීවිත හතරක් කිඹුලන්ට බිලි වුණා. පහුගිය කාලේ කිසිම සැලසුමක් නැතිව බෙන්තර ගඟ වම් සහ දකුණු ඉවුරේ ඇළවල් කැපුවා. ඇණිකට් හරියට දැම්මෙත් නෑ. වගා කළෙත් නෑ. ගං වතුර ගැලුවම බෙන්තර ගඟ පිටාර ගලනව. ගඟේ ඉන්න කිඹුල්ලු ටික මේ ඇළ මාර්ග හරහා ගම්මානවලට ඇවිල්ලා ගමේ මිනිහෙකුට වැසිකිළියට වතුර බාල්දියක් ගන්න ඇළකට යන්න බැහැ. ගොවිතැන් කරන්න බැහැ. හරකෙකුව බඳින්න වෙලකට, ඇළකට යන්න බෑ. මේ පැත්තෙ හිටිය බල්ලො සේරම කිඹුලන්ට බිලි වෙලා ඉවරයි.”
වැලිපැන්න, මතුගම හදිසි මරණ පරීක්ෂක, නිහාල් ජයනෙත්ති මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“බෙන්තර ගංඟා අතු ගංගා වන මූණ මල් වත්ත ගඟ සහ කඳුරුවත්ත ඇළ ආශ්‍රිත ප්‍රදේශවල කිඹුල් ගහනය මේ ප්‍රදේශයේ ජනජීවිතවලට අලුත් තර්ජනයක් වෙලා තියෙනවා. පසු ගිය මාස කීපය තුළ මරණ තුනක් වෙලා තිබුණා. මේ මරණ තවදුරටත් සිදුවීම වැළැක්වීම සඳහා සුදුසු විසඳුම් ලබා දීමට කඩිනමින් මැදිහත් වන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මීගහතැන්න – සමූහ