Sunday, May 11, 2025
Home » කිනිගම සිරිසුමන දහම් පාසල 10 වැනි වරටත් ප්‍රමුඛස්ථානයට

කිනිගම සිරිසුමන දහම් පාසල 10 වැනි වරටත් ප්‍රමුඛස්ථානයට

ප්‍රථම ස්ථාන හිමි කරගත් දරුවන්

by sachintha
October 8, 2024 3:24 am 0 comment

ගම්පහ, කිනිගම ශ්‍රී ජයසේකරාරාම මහා විහාරස්ථ සිරිසුමන දහම් පාසල, මහර (2) ශාසනාරක්ෂක බලමණ්ඩල ප්‍රාදේශීය නිපුණතා වැඩසටහන යටතේ අඛණ්ඩව 10 වැනි වරටත් ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත. බල මණ්ඩලයට අයත් දහම් පාසල් 27ක් අතුරින් මෙම දහම් පාසල ප්‍රථම ස්ථානය හිමි කරගනු ලැබූ බවත්, අංශ අටක් යටතේ සිසු දරුවන් තිස් දෙදෙනකු ජයග්‍රහණ ලබා ඇති බවත් ශ්‍රී ජයසේකරාරාම මහා විහාරාධිපති මාතලේ සුමනවංශ නාහිමියෝ පැවසූහ. දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය මාතලේ සුමනවංශ නාහිමිගේ මඟපෙන්වීම මත, පැවිදි උප ප්‍රධානාචාර්ය බෝගහඉදිවැව සිරිවංස හිමි, ගිහි උප ප්‍රධානාචාර්ය මහේෂා දිලාෂිනී මෙනෙවිය සහ ජයතිස්ස මහානාම මහතා ඇතුළු ආචාර්ය මහත්ම මහත්මීන් 18 දෙනෙක් විසින් දරුවන්ට දහම් දැනුම ලබා දීම සිදුකරනු ලබති. මහර (2) ශාසනාරක්ෂක බල මණ්ඩල නිපුණතාවයෙන් ප්‍රථම ස්ථාන හිමි කරගත් මංජලී මදාරා, පවනි සත්සරා, හෂිනි එරන්දිකා, හස්මිත කළුපහන, සහන්යා පෙවින්දි, ඩෙනුලි කෙනුල්යා දිසානායක, දෙව්මි විදූෂා ඉදුනිල්, දහම්සි දෙව්හාරා රාජපක්ෂ, එසදු හේසර ජයවර්ධන, සුහාරි තරිත්මා ජයසිංහ, සුලෝචනා සංදීපනී සහ පියුමි චේතනා අතුකෝරල යන සිසු දරුවන් දොළොස් දෙනා ගම්පහ දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම් සඳහා සුදුසුකම් ලබා සිටිති.

ගම්පහ අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT