Home » මැලිබන් වීදියේ මහල් නිවෙසක විදුලි කාන්දුවකින් ගින්නක්

මැලිබන් වීදියේ මහල් නිවෙසක විදුලි කාන්දුවකින් ගින්නක්

by sachintha
October 9, 2024 1:38 am 0 comment

පිටකොටුව, මැලිබන් වීදියේ මහල් නිවෙසක තෙවන මහලේ ඊයේ (08) හට ගත් ගින්නක් කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව මැඬ පවත්වා තිබේ.

එම මහල් නිවෙසේ තෙවන මහලේ ගබඩාවක් ලෙස පවත්වාගෙන ගිය කොටසක මේ ගින්න හටගෙන ඇති අතර, ගින්න දුටු අවස්ථාවේම ගිනි නිවීම් අංශ දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

එම හේතුවෙන් ගින්නෙන් විශාල අලාභයක් නොවී ඇති අතර, ගින්නෙන් කිසිදු පුද්ගලයකුට ද හානියක් සිදුනොවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

විදුලි කාන්දුවක් හේතුවෙන් මේ ගින්න හටගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්න.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT