Tuesday, May 13, 2025
Home » මැතිවරණ කාලයට මහා පොරොන්දුවක් වූ ඉටුනොවන සිහිනය

මැතිවරණ කාලයට මහා පොරොන්දුවක් වූ ඉටුනොවන සිහිනය

-බෙන්තර ගඟේ හොරවල තොටුපළ

by sachintha
October 9, 2024 1:41 am 0 comment

බස්නාහිර පළාත සහ දකුණු පළාත සම්බන්ධ කෙරෙන බෙන්තර ගඟේ හොරවල තොටුපළේ මගී ප්‍රවාහන පාලම්පාරුව වෙනුවට පාලමක් ඉදිකරන පොරොන්දුවට දශක හතරක් ගතව ඇති බවත් යළිත් ඡන්ද පොරොන්දුවක් ලෙස එය අලුත් වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

සෑම මැතිවරණයක් ආසන්නයේදීම හොරවල තොටුපළේ පාලම ගැන කතාබහට ලක්වන අතර, බස්නාහිර සහ දකුණු පළාත්වල දේශපාලකයින්ගේ ඉටුනොවන ඡන්ද පොරොන්දු අතර මෙය ප්‍රධාන තැනක් ගන්නා බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.

බෙන්තර ගඟේ හොරවල තොටුපළේ ගං ඉවුරු දෙක පළාත් දෙකකට අයත් වන නමුත් එගොඩ මෙගොඩ යන පාලම් පාරුව වලල්ලාවිට ප්‍රාදේශීය සභාවෙන් පාලනය වෙයි. දිනකට දහස් ගණනක් මගින් සහ පාපැදි මෙන්ම යතුරුපැදි ඇතුළු වාහන සිය ගණනක් හොරවල තොටුපළේ පාලම් පාරුවෙන් එගොඩ මෙගොඩ යති.

ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මහත් පිටුවහලක් වන හොරවල තොටුපළේ පාලමක් ඉල්ලා දශක ගණනක සිට ජනතාව පාලකයන්ගෙන් ඉල්ලීම් කර ඇතත්, එය මෙතෙක් ඉටු නොවූ දේශපාලන පොරොන්දුවක්ම වී තිබේ.

අවස්ථා තුනකදි පාලම් පාරු පෙරළීමෙන් මිනිස් ජීවිත අහිමිව ගොස් ඇති නමුත් පාලම ඉදිකිරීමට අදාළ වගකිවයුත්තන් නිහඬවම ඇතැයි ප්‍රදේශවාසීහු වැඩිදුරටත් සඳහන් කරති.

මීගහතැන්න සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT