Home » ටෙස්ටින් වන්… වන්…

ටෙස්ටින් වන්… වන්…

by sachintha
October 10, 2024 1:37 am 0 comment

සිනමාවෙන් සහ දේශපාලනයෙන් ජනප්‍රියභාවයට පත් රංජන් රාමනායක මහතා කලකට පෙර හඬපට හේතුවෙන් ප්‍රසිද්ධ විය. මෙවර ඔහු අතට ගෙන ඇත්තේ මයික්‍රෆෝනයයි. සිය නායකත්වයෙන් පිහිටුවූ නවතම දේශපාලන පක්ෂය වූ ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’හි, පළමු මාධ්‍ය සාකච්ඡාව ඒ මහතා ප්‍රමුඛ පක්ෂයේ නිලධාරීන් විසින් ඊයේ (09) කොළඹදී පවත්වන ලදි. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එම පක්ෂයේ ජාතික සංවිධායක ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. මයික්‍රෆෝනය ලකුණින් එම පක්ෂය මෙවර මහමැතිවරණය සඳහා සියලු දිස්ත්‍රික්ක වෙත නාමයෝජනා ලබා දීමට නියමිත බව මාධ්‍ය හමුවේදී රංජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය. එම මාධ්‍ය හමුව පැවැත්වීමට මොහොතකට පෙර, සියලු විදත් මාධ්‍ය සිය මයික්‍රෆෝන සූදානම් කර තිබූ අයුරුයි මේ. ඡායාරූපය – විමල් කරුණාතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT