Saturday, May 10, 2025
Home » සේනක බටගොඩගේ නඩුව දුව සෙරිනා කරපිට

සේනක බටගොඩගේ නඩුව දුව සෙරිනා කරපිට

by chanaka
October 11, 2024 10:49 am 0 comment

කොළඹ වානිජ මහාධිකරණය ඉදිරියේ සේනක ගායන ශිල්පී බටගොඩ මහතාට එරෙහිව ගීත 07 ගායනා කිරිම වළක්වාලමින් සහ ගීතවල බුද්ධිමය දේපල හිමිකම සම්බන්ධයෙන් පවරා තිබු නඩුවට සේනක බටගොඩ මහතාගේ අභාවයෙන් අනතුරුව දියණිය සෙරිනා බටගොඩ සහ ඔහුගේ බිරිද ඇතුලත් වීමට කරන ලද ඉල්ලීම පිලිගනිමින් අධිකරණය ඊට අවසර ලබා දෙයි.

එකී නඩුව නැවතත් නොවැම්බර් මස 08වැනිදා කැදවීමට අධිකරණය විසින් නියම කළේය.

අදාළ ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක මහතා විසින් මෙම නඩුව වානිජ මහාධිකරණය ඉදිරියේ ගොනු කර තිබේ.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සදුන් සේනාධිපති මහතා පෙනි සිටි අතර අදේශිත විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ගෞරි පිරිස් මහත්මිය පෙනි සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT