Saturday, May 10, 2025
Home » පොලීසියේ ලොකු පුටු මාරුවක්

පොලීසියේ ලොකු පුටු මාරුවක්

by chanaka
October 11, 2024 4:07 pm 0 comment

නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ.ඒ.ආර්. ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාවේ සිට බස්නාහිර පළාත (උතුරු දිසාව) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා ස්ථාන මාරුකර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර ඇත.

ඔහු ඊට පෙර පොලිස් මූලස්ථානයට අනුයුක්තව මුදල් විශුද්ධිකරණ හා සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මුල්‍ය බුද්ධි ඒකකය 02 සහ පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම සහ අතත්‍ය මුදල් පිළිබඳව විමර්ශනය කිරීම පිණිස මහ බැංකුවේ ස්ථාපිත කර ඇති විශේෂ විමර්ශන ඒකකයන්හි රාජකාරි අධීක්ෂණ තනතුරේ කටයුතු කළේය.

ඊට අමතරව පහත සඳහන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක ස්ථාන මාරු කිරීමද මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ඩී.පී. චන්ද්‍රසිරි මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ප්‍රවර්ථන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුකර ඇත.

නියෝජ්‍ය පොලිස්පති (රාජකාරී ඉටුකරන) ඊ.එම්.ජී.ජේ. සේරම් මහතා ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සිට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර තිබේ.

කාන්තා නියෝජ්‍ය පොලිස්පති (රාජකාරී ඉටුකරන) බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය පොලිස් මුලස්ථානයේ (බඳවාගැනීම් හා පුහුණු දිසාව) සිට ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT