Saturday, May 10, 2025
Home » අත්තනගලු ඔය ද්‍රෝණියේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක්

අත්තනගලු ඔය ද්‍රෝණියේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක්

by yasara
October 11, 2024 11:24 am 0 comment

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි

එම නිවේදනය අනුව අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මේ මොහොතේ සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදනමක් පවතියි.

ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Flood warning for Aththanagalu Oya Basin - No 01 -_241011_095143

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT