Saturday, May 10, 2025
Home » දමිතාගේ නම රත්නපුර නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවතට

දමිතාගේ නම රත්නපුර නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවතට

by yasara
October 11, 2024 11:32 am 0 comment

සමගි ජන බලවේගයෙන්  රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් සහ ප්‍රබලයින්ගේ විරෝධය හමුවේ ප්‍රවිණ නිළි දමිතා අබේරත්න මහත්මියගේ නම  එම පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ .

ඇයගේ නම නොමැතිව රත්නපුර දිස්ත්‍රික්කය සදහා සමගි ජන බලවේගය අද( 11)  නාමයෝජනා භාර දුන්නේය .

රත්නපුර දිස්ත්‍රික්කය සදහා තරග කරන  සමගි ජන බලවේගයේ නාමයෝජනා ලැයිස්තුව එහි දිස්ත්‍රික් නායක හේෂා විතානගේ මහතා විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් සහ තේරිම් භාර නිළධාරි වසන්ත ගුණරත්න මහතා වෙත භාර දුන්නේය .

ප්‍රවිණ නිළි දමිතා අබේරත්න මහත්මිය අද උදෑසන නාමයෝජනා භාර දෙන අවස්ථාවේදී රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍ය්ලයට පැමිණ සිටි අතර පැය භාගයක පමණ කාලයක් එහි රැදි සිටිමින් පසු ඇය නික්මි ‌ගොස් තිබෙයි.

එහිදී මාධ්‍යවේදීන් කළ විමසුමකදි දමිතා අබේරත්න මහත්මිය පැවසුවේ මාධ්‍යට කිසිදු ප්‍රකාශයක් ලබා දිමට නොහැකි බවයි.

නාමයෝජනා පත්‍ර භාරදිමෙන් පසු සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ මහතා පැවසුවේ දමිතා අබේරත්න මහත්මිය සජබ වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළත් රත්නපුර දිස්ත්‍රික්කය කාන්තා නියෝජනයක් අවශ්‍ය නිසා රත්නපුර දිස්ත්‍රික් සජබ පළාත් පාලන මන්ත්‍රීණියන්ගේ සංසදයේ ලේකම්වරිය වන රිද්මා ධර්මවර්ධබ මහත්මියට නාම යෝජනා ලබාදි ඇති බවයි.

රත්නපුර දිස්ත්‍රික්කය සදහා දිස්ත්‍රික්කයේ ජනතාවගේ දුක හදුනන දිස්ත්‍රික්කයේ දේශපාලන කරන අය සිටින බවද පිටතින් ආනයනය කිරිමේ අවශ්‍යතාවයක් නැති බවද ඔහු පැවසීය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT