Saturday, May 10, 2025
Home » ප්‍රකට ව්‍යාපාරික රනිල් විල්අද්දරගේ ගෑස් සිලින්ඩරයෙන් කොළඹට

ප්‍රකට ව්‍යාපාරික රනිල් විල්අද්දරගේ ගෑස් සිලින්ඩරයෙන් කොළඹට

by chanaka
October 11, 2024 8:59 pm 0 comment

ශ්‍රී ලාංකික ප්‍රමුඛ නිමි ඇදුම් සන්නාමයක් වන Gflock හි සභාපති රනිල් විල්අද්දරගේ මහතා ගෑස් සිලින්ඩරයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා අත්සන් කර තිබේ.

රනිල් විල්ලද්දරගේ මහතා Gflock සන්නාමය යටතේ සමාජ සුබසාධනය ප්‍රමුඛ කොටගත් ව්‍යාපාරික මොඩලයක් හඳුන්වා දුන් ප්‍රසිද්ධ ව්‍යවසායකයෙකි.

ගෑස් සිලින්ඩරය යටතේ කොළඹ දිස්ත්‍රික් නායක ලෙස සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කටයුතු කරනු ලැබේ.

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙලට සහය දක්වමින් එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ රනිල් විල්ලද්දරගේ මහතා කැස්බෑව කලාප සංවිධායකවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT