Home » මනාප අංක නිකුත් කිරීම අද සිට

මනාප අංක නිකුත් කිරීම අද සිට

by chanaka
October 12, 2024 12:50 pm 0 comment

මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ මනාප අංක සකස් කිරීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී අද (12) සිට ආරම්භ වේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ මේ සඳහා දින කිහිපයක් ගතවනු ඇති අතර ලබන සතිය මුල වන විට අපේක්‍ෂකයන්ට අංක නිකුත් කරන බවය.

සියලු අපේක්‍ෂක ලැයිස්තුවල නම් අකාරාදී පිළිවෙළට සකස් කර අංක දීම මෙහිදී සිදු කරනු ලබයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඊයේ (11) මධ්‍යහ්න 12.00 න් අවසන් විය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690 ක් මහ මැතිවරණයට තරග කිරීමට නියමිත බවය.

එමෙන්ම නාම යෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT