Home » ඩුබායිහි ශ්‍රී ලංකා වෙ‍ෙළඳ ප්‍රදර්ශනයට Aviyana අනුග්‍රාහකත්වය

ඩුබායිහි ශ්‍රී ලංකා වෙ‍ෙළඳ ප්‍රදර්ශනයට Aviyana අනුග්‍රාහකත්වය

by damith
October 12, 2024 1:18 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ක්‍රවුන් ප්ලාසාහිදී 2024 නොවැම්බර් 2 සහ 3 යන දිනවල මෙම ප්‍රර්ශනය පැවැත්වේ. ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 යනු ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සහ ගල්ෆ් ගැනුම්කරුවන් අතර ව්‍යාපාරික සබඳතා ගොඩනඟන අවස්ථාවක් වන අතර එහිදී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට ගෝලීය වේදිකාවක් සැකසේ. මෙම ප්‍රදර්ශනයට මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු, පොල් නිෂ්පාදන, තේ, රෙදිපිළි සහ තවත් බොහෝ කර්මාන්තකරුවෝ රැසක් සහභාගී වෙති.

“ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම අනෙකුත් ව්‍යාපාර ක්ෂේත්‍රවලට ද සහාය දීම අපගේ වගකීමක්. ශ්‍රී ලංකාව සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාර ක්ෂේත්‍රයේ නැඟී එන කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අපට දැඩි උනන්දුවක් තිබෙනවා.

එම උනන්දුව මල්ඵල ගැන්වීමක් ලෙස ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා බවට පත් වීම හඳුන්වන්න පුළුවන්.” Aviyana හෝටලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය සංචාරකයන්ට සුඛෝපභෝගීත්වයේ උපරිමය පිරිනමමින් නිදහස් හා නිස්කලංක සංචාරක අත්දැකීමක් සපයයි. ඔවුන් සතු සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහ ජාත්‍යන්තර මට්ටමේ අසමසම සේවා හා පහසුකම් තුළින් Aviyana හෝටලය මෙරට සංචාරක කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT