ඊශ්‍රායල හමුදාවට අයත් යුද ටැංකියකින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයක් දකුණු ලෙබනනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කඳවුරකට වැදී ඇතැයි ද, එම වෙඩි ප්‍රහාරයෙන් සාම සාධක නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහාරයෙන් දැඩි ලෙස විමතියට පත්වූ බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර ඇති අතර, මේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුර විමර්ශනයක් ද ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ පිළිබඳ ඊශ්‍රායලය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති අතර, හෙස්බුල්ලා සංවිධානයෙන් රොකට් ප්‍රහාර 190කට වැඩි ප්‍රමාණයක් එල්ල වූ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම බීරුට් නුවරට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර දෙකක් එල්ල වීමෙන් පුද්ගලයන් 22 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. තවත් පුද්ගලයන් 117 දෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.