Home » ලෙබ­න­නයේ එක්සත් ජාතීන්ගේ කඳ­වු­ර­කට ඊශ්‍රා­යල ප්‍රහා­ර­යක්

ලෙබ­න­නයේ එක්සත් ජාතීන්ගේ කඳ­වු­ර­කට ඊශ්‍රා­යල ප්‍රහා­ර­යක්

by damith
October 12, 2024 1:15 am 0 comment

ඊශ්‍රා­යල හමු­දා­වට අයත් යුද ටැංකි­ය­කින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහා­ර­යක් දකුණු ලෙබ­න­නයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කඳ­වු­ර­කට වැදී ඇතැයි ද, එම වෙඩි ප්‍රහා­ර­යෙන් සාම සාධක නිල­ධා­රීන් දෙදෙ­නකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහා­ර­යෙන් දැඩි ලෙස විම­ති­යට පත්වූ බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර ඇති අතර, මේ පිළි­බඳ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය වැඩි­දුර විම­ර්ශ­න­යක් ද ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. මේ පිළි­බඳ ඊශ්‍රා­ය­ලය කිසිදු ප්‍රති­චා­ර­යක් දක්වා නැති අතර, හෙස්බුල්ලා සංවි­ධා­න­යෙන් රොකට් ප්‍රහාර 190කට වැඩි ප්‍රමා­ණ­යක් එල්ල වූ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මේ අතර පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා මධ්‍යම බීරුට් නුව­රට ඊශ්‍රා­ය­ල­යෙන් ගුවන් ප්‍රහාර දෙකක් එල්ල වීමෙන් පුද්ග­ල­යන් 22 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව ලෙබ­න­නයේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර තිබේ. තවත් පුද්ග­ල­යන් 117 දෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT