2014 වසරේ දී ජාතික බොදුබල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අදාළව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ 11 නියෝග කළාය. එම නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ විවෘත අධිකරණයේ පෙනී නොසිටීම මත වරෙන්තු නිකුත් කර තිබූණි.
උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෝසමක් ගොනු කරමින් උන්වහන්සේට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස සිදුකළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළාය. මෝසම ගොනු කරන අවස්ථාවේ ඥානසාර හිමියන් විවෘත අධිකරණයේ පෙනී සිටි අතර කොම්පඤ්ඤවීදිය පොලිසිය මීට අදාළ පැමිණිල්ල ගොනු කර තිබුණි.
මේ සිද්ධියට අදාළ නඩු විභාගය ලබන 2025 වසරේ මාර්තු මස 5 වැනි දා දක්වා කල් තැබිණි.