41
කැලණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාල හා විඥාපන විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන්ට එම ඩිප්ලෝමා ප්රදානය කිරීමේ උත්සවය හෙට (13) පෙරවරු 9.00ට එම විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයේදී මහාචාර්ය පැට්රික් මැන්නමාරා මහතා විසින් ආරාධිත දේශනය පැවැත්වීමට නියමිතය.