Saturday, May 10, 2025
Home » ආසනික් විෂ සහිත සැමන් තොගයක් ආපසු හරවා යවයි

ආසනික් විෂ සහිත සැමන් තොගයක් ආපසු හරවා යවයි

by chanaka
October 12, 2024 12:47 pm 0 comment

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයෙන් මෙම විෂ සහිත සැමන් තොගය හමුවී ඇති බවය.

මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමට පරිසර, වනජීවී, වනසම්පත්, ජලසම්පාදන. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී. ආර්. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඊයේ (11) එම ගබඩා සංකීර්ණයට පැමිණ ඇති අතර, එම සැමන් තොගය නිරීක්ෂණය කර තිබේ.

අනතුරුව ලේකම්වරයා පවසා ඇත්තේ එම විෂ සහිත සැමන් තොගය ශ්‍රී ලංකාවේදී විනාශ කිරීමට ඉඩ නොතබා එය නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT