Home » ජාඇළ නග­රයේ සුන­ඛ­යන්ට අපලයක්

ජාඇළ නග­රයේ සුන­ඛ­යන්ට අපලයක්

by damith
October 12, 2024 1:18 am 0 comment

ජාඇළ සමූහ - ප්‍රසංග පෙරේරා

ජාඇළ නග­රය තුළ සිටින විශාල සුනඛ ගහ­න­ය­කට මේ වන­විට නර­කම කාල­යක් උදා වී ඇති බව සුන­ඛ­ලෝ­ලීන් (Dog lovers) පව­සති. ඒ රාත්‍රි­යට නග­රයේ සැරි­ස­රන මත්ද්‍ර­ව්‍ය­යන්ට ඇබ්බැ­හි­වූ­වන්ගේ හා සොරුන්ගේ ප්‍රහා­ර­යන්ට එම සුන­ඛ­යන් ලක්වීම නිසාය.

ජාඇළ නග­රයේ සැරි­ස­රන සුන­ඛ­යන්ට බොහෝ­විට ආහාර ලැබෙ­නුයේ නග­රයේ ආහාර වෙළෙ­ඳ­ස­ල්ව­ලින් හා ඇතැම් නිවා­ස­ව­ලිනි. එසේම සුන­ඛ­ලෝ­ලීන් ද මේ සුන­ඛ­යන්ට ආහාර ලබා­දෙනු ලබයි. එම හේතු­වෙන් එම සුන­ඛ­යන් එම වෙළෙ­ඳ­සල් අවට හා නිවාස අවට සැරි­සැ­රී­මට පුරුදු වී ඇති අතර එම ස්ථාන වසා තිබෙන අව­ස්ථා­ව­ලදී එම ස්ථාන­ව­ලට පැමි­ණෙන සොරුන් හා මත්ද්‍ර­ව්‍ය­ලෝ­ලීන් හට මෙම සුන­ඛ­ය­න්ගෙන් බාධා එල්ල වන්නේ බිරීම හා ඔවුන්ව සපා­කෑ­මට සුන­ඛ­යන් දරන උත්සා­හය නිසාය. මේ හේතු­වෙන් එම පුද්ග­ල­යන් තියුණු ආයු­ධ­ව­ලින් මෙම සුන­ඛ­යන්ට පහර දෙනු ලබයි. එවන් අව­ස්ථා­ව­ලදී සුන­ඛ­යන්ට බර­ප­තළ තුවාල සිදු වන අතර ඇතැම් අව­ස්ථා­වල දී සුන­ඛ­යන් මිය­යන බව ද සුනඛ ලෝලීහු පව­සති. කෙසේ වුවද මෙම සුන­ඛ­යන්ට ජල­භී­තිකා රෝගය සඳහා හෝ වෙනත් රෝග සඳහා එන්නත් හෝ ඔෂධ නොලැ­බෙන බව ද නාග­රික ජන­තාව පව­සන අතර එය නග­ර­යට පැමි­ණෙන ජන­තා­වට තර්ජ­න­යක් බව ද ඔවුහු පෙන්වා දෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT