ජාඇළ නගරය තුළ සිටින විශාල සුනඛ ගහනයකට මේ වනවිට නරකම කාලයක් උදා වී ඇති බව සුනඛලෝලීන් (Dog lovers) පවසති. ඒ රාත්‍රියට නගරයේ සැරිසරන මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන්ගේ හා සොරුන්ගේ ප්රහාරයන්ට එම සුනඛයන් ලක්වීම නිසාය.
ජාඇළ නගරයේ සැරිසරන සුනඛයන්ට බොහෝවිට ආහාර ලැබෙනුයේ නගරයේ ආහාර වෙළෙඳසල්වලින් හා ඇතැම් නිවාසවලිනි. එසේම සුනඛලෝලීන් ද මේ සුනඛයන්ට ආහාර ලබාදෙනු ලබයි. එම හේතුවෙන් එම සුනඛයන් එම වෙළෙඳසල් අවට හා නිවාස අවට සැරිසැරීමට පුරුදු වී ඇති අතර එම ස්ථාන වසා තිබෙන අවස්ථාවලදී එම ස්ථානවලට පැමිණෙන සොරුන් හා මත්ද්‍රව්‍යලෝලීන් හට මෙම සුනඛයන්ගෙන් බාධා එල්ල වන්නේ බිරීම හා ඔවුන්ව සපාකෑමට සුනඛයන් දරන උත්සාහය නිසාය. මේ හේතුවෙන් එම පුද්ගලයන් තියුණු ආයුධවලින් මෙම සුනඛයන්ට පහර දෙනු ලබයි. එවන් අවස්ථාවලදී සුනඛයන්ට බරපතළ තුවාල සිදු වන අතර ඇතැම් අවස්ථාවල දී සුනඛයන් මියයන බව ද සුනඛ ලෝලීහු පවසති. කෙසේ වුවද මෙම සුනඛයන්ට ජලභීතිකා රෝගය සඳහා හෝ වෙනත් රෝග සඳහා එන්නත් හෝ ඔෂධ නොලැබෙන බව ද නාගරික ජනතාව පවසන අතර එය නගරයට පැමිණෙන ජනතාවට තර්ජනයක් බව ද ඔවුහු පෙන්වා දෙති.