මධ්‍යම පළාත තුළ විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ ඇතුළත් ‘ශිල්ප අභිමානි 2024 ’ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය ඉකුත් 10 -11 දෙදින තුළ මහනුවර සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පැවත්විණි. මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල හස්ත කර්මාන්තයේ යෙදී සිටින ශිල්පීන්ගේ නිර්මාණ විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණි. හස්ත කර්මාන්තයේ යෙදී සිටින ශිල්පීන්ගේ දක්ෂතා දැක බලා ගැනීමට ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්මාණ ජනතාව අතර ප්‍රචලිත කිරීමත් එම නිර්මාණවලට නිසි වෙළෙඳපොළක් ඇති කිරීමත් මෙම ප්‍රදර්ශනයේ අරමුණ වී තිබුණි. ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණි පාසල් දරුවන්ට හස්ත කර්මාන්ත ක්ෂේත්රය පිළිබඳ දැනුම ලබාදීම ද මෙහිදී සිදුකිරීම විශේෂත්වයකි.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම ශිල්ප අභිමානි – 2024 ප්‍රදර්ශනයට මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස්. ප්‍රේමචන්ද්‍ර, පේෂකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සංජීවනි අමරතුංග, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ උදාර කොන්සිවත්ත යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.