Home » ශිල්ප අභි­මානි 2024 මධ්‍යම පළාත් හස්ත කර්මාන්ත ප්‍රද­ර්ශ­නයෙන්…

ශිල්ප අභි­මානි 2024 මධ්‍යම පළාත් හස්ත කර්මාන්ත ප්‍රද­ර්ශ­නයෙන්…

by damith
October 12, 2024 1:17 am 0 comment

කටු­ග­ස්තොට සමූහ එස්.ජී. විජේ­රත්න

මධ්‍යම පළාත තුළ විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ ඇතු­ළත් ‘ශිල්ප අභි­මානි 2024 ’ හස්ත කර්මාන්ත ප්‍රද­ර්ශ­නය ඉකුත් 10 -11 දෙදින තුළ මහ­නු­වර සිටි සෙන්ටර් පරි­ශ්‍ර­යේදී පැව­ත්විණි. මහ­නු­වර, මාතලේ හා නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්ක­වල හස්ත කර්මා­න්තයේ යෙදී සිටින ශිල්පීන්ගේ නිර්මාණ විශාල ප්‍රමා­ණ­යක් මෙම ප්‍රද­ර්ශ­න­යට ඉදි­රි­පත් කර තිබුණි. හස්ත කර්මා­න්තයේ යෙදී සිටින ශිල්පීන්ගේ දක්ෂතා දැක බලා ගැනී­මට ඔවුන් විසින් ඉදි­රි­පත් කරනු ලැබූ නිර්මාණ ජන­තාව අතර ප්‍රච­ලිත කිරී­මත් එම නිර්මා­ණ­ව­ලට නිසි වෙළෙ­ඳ­පො­ළක් ඇති කිරී­මත් මෙම ප්‍රද­ර්ශ­නයේ අර­මුණ වී තිබුණි. ප්‍රද­ර්ශ­නය නැරැ­ඹී­මට පැමිණි පාසල් දරු­වන්ට හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය පිළි­බඳ දැනුම ලබා­දීම ද මෙහිදී සිදු­කි­රීම විශේ­ෂ­ත්ව­යකි.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ආරම්භ කෙරුණු මෙම ශිල්ප අභි­මානි – 2024 ප්‍රද­ර්ශ­න­යට මධ්‍යම පළාත් කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ ලේකම් මධු­පානි පිය­සේන, රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ ලේකම් කුමු­දුනි එස්. ප්‍රේම­චන්ද්‍ර, පේෂ­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ සංජී­වනි අම­ර­තුංග, කර්මාන්ත සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සි­වත්ත යන මහත්ම මහ­ත්මීහු ඇතුළු විශාල පිරි­සක් සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT