76
මේ දිනවල ඌව පළාතට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් පෙරේදා (10) සවස හාලිඇළ, දීගල්ල – ඇටම්පිටිය ප්‍රධාන මාර්ගයේ දික්වැල්ලවත්ත රෝහල ආසන්නයේ පස් කන්දක් කඩා වැටී මාර්ගය අවහිර වී තිබේ.
පස් කන්ද කඩා වැටීමෙන් අවහිර වූ මාර්ගයේ ගල් හා පස් ඉවත් කිරීමට ඌව පළාත් මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඇතැයි හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා නිලධාරි එරන්ද විජේසේකර මහතා පැවසීය.
අවහිර වූ මාර්ගයේ ගල් හා පස් ඉවත් කිරීම ඊයේ (11) උදෑසන ඌව පළාත් මාර්ග දෙපාර්තමේන්තුවට අයත් බදුල්ල ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය විසින් සිදුකරන ලද බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.