Home » හාලි­ඇළ දීගල්ල-ඇට­ම්පි­ටිය ප්‍රධාන මාර්ග­යට පස් කන්දක් කඩාවැටේ

හාලි­ඇළ දීගල්ල-ඇට­ම්පි­ටිය ප්‍රධාන මාර්ග­යට පස් කන්දක් කඩාවැටේ

by damith
October 12, 2024 1:15 am 0 comment

මීග­හ­කි­වුල සමූහ එන්. නව­රත්න

මේ දින­වල ඌව පළා­තට ඇද­හැ­ලෙන මහ වැසි හේතු­වෙන් පෙරේදා (10) සවස හාලි­ඇළ, දීගල්ල – ඇට­ම්පි­ටිය ප්‍රධාන මාර්ගයේ දික්වැ­ල්ල­වත්ත රෝහල ආස­න්නයේ පස් කන්දක් කඩා වැටී මාර්ගය අව­හිර වී තිබේ.

පස්‌ ­කන්ද කඩා වැටී­මෙන් අව­හිර වූ මාර්ගයේ ගල් හා පස් ඉවත් කිරී­මට ඌව පළාත් මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව දැනු­ම්වත් කර ඇතැයි හාලි­ඇළ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ ආපදා නිල­ධාරි එරන්ද විජේ­සේ­කර මහතා පැව­සීය.

අව­හිර වූ මාර්ගයේ ගල් හා පස් ඉවත් කිරීම ඊයේ (11) උදෑ­සන ඌව පළාත් මාර්ග දෙපා­ර්ත­මේ­න්තු­වට අයත් බදුල්ල ප්‍රාදේ­ශීය ඉංජි­නේරු කාර්යා­ලය විසින් සිදු­ක­රන ලද බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT