පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ෆාතිමා සානා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී යළි පාකිස්තානය බලා පිටත්ව ගියාය. ඔස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ පැවැත්වීමට නියමිත වූ තරගයට පෙර ඇය මෙසේ පාකිස්තානය බලා පිටත් වූයේ තම පියාගේ හදිසි අභාවය හේතුවෙනි. මෙය ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසීමේ පාකිස්තාන අවස්ථාවට විශාල පහරක් වනු ඇතැයි විචාරක මතය වී තිබේ.
පළපුරුදු ආරම්භක පිතිකාරිනි මුනීබා අලි පාකිස්තාන කාන්තා පිලේ නායකත්වයට පත්ව ඇති අතර, ඔවුන් අනිද්දා (14) නවසීලන්තය සමඟ මූලික වටයේ සිය අවසන් තරගයට මුහුණ දීමට නියමිතය. ෆාතිමා සනා මෙතෙක් සහභාගි වූ ලෝක කුසලාන තරග දෙකකදී කඩුලු 5ක් බිඳ හෙළූ අතර, පිත්තෙන් ලකුණු 33ක් ලබා ගත්තාය.