ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන කැන්ඩි සමස්තලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය අද (12) සිට 19 වැනිදා දක්වා මහනුවර, රජවැල්ල, දිගන පළාත් සභා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
පලමු මට්ටමේ ජාතික ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මේ තරගාවලියට විවෘත, කනිෂ්ඨ, කනිෂ්ඨ (ආධුනික), ජ්‍යෙෂ්ඨ සහ පළඟ ශූරතා වශයෙන් තරග අංශ 5ක් ඇතුළත්ය.
කාන්තා පිරිමි විවෘත ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග, අවුරුදු 11න් පහළ සිට 19න් පහළ දක්වා කනිෂ්ඨ බාලක බාලිකා ඒකල, යුගල තරග, අවුරුදු 11න් පහළ සිට 15න් පහළ දක්වා කනිෂ්ඨ ආධුනික ඒකල හා යුගල තරග, අවුරුදු 30න් ඉහළ සිට 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ තරග, ප්‍රවීණයන් සඳහා අවුරුදු 110 ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨ තරග සහ කාන්තා හා පිරිමි විවෘත ඒකල තරග පරාජිතයන් සඳහා වන පලඟ ශූරතා තරග මේ ශූරතාවලියට ඇතුළත්ය.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට රුපියල් ලක්ෂ හතහමාරක මුදල් තෑගි බෙදා දෙන අතර, සහතිකපත්, කුසලාන සහ පදක්කම් පිරිනැමීමට නියමිතය.
මැක්ෆොයිල්, මොබිල්, ලී නින්, 3M සහ GAC ආයතන තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදෙයි.