295
බස් හා දුම්රිය මගින්ගේ ජංගම දුරකතන සහ ලැප්ටොප් සොරකම් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
කොළඹ සිට අලුත්ගම සහ කළුතර මෙන්ම පානදුර සිට රත්නපුර දක්වා ගමන්ගන්නා මගීන්ගේ ලැප්ටොප් හා ජංගම දුරකතන සොරකම් කිරීම සැකකරු සිදුකර ඇත.
එමෙන්ම මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකනත සහ ලැප්ටොප් සොරකම් කිරීම ද සැකකරු සිදුකර ඇති බව පොලිස් පරික්ෂණවලදී හෙළිව තිබේ.
කළුතර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවු තොරතුරු මත සොරකම් කරන ලද ලැප්ටොප් 7 ක් සහ ජංගම දුරකතන 05ක් සොයා ගැනුණි.
සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වූවෙකු බව පොලිසිය පවසයි.