Home » ශ්‍රී ලංකා – කොදෙව් පළමු T 20 තරඟය අද

ශ්‍රී ලංකා – කොදෙව් පළමු T 20 තරඟය අද

by chanaka
October 13, 2024 10:50 am 0 comment

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර 20-20 තරඟාවලියේ පළමු තරගය අද(13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7 ට ආරම්භ වීමට නියමිතය

තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම – නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහිෂ් තීක්ෂණ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු වේ.

දෙරට අතර මේ වනවිට 20යි 20 තරග 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගනිද්දී කොදෙව් කණ්ඩායම තරග 7ක ජය හිමිකරගෙන තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව්වන්ට එරෙහිව 20යි 20 තරගාවලි ජයක් මෙතෙක් හිමිකරගෙන නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT