Home » රජිනිකාන්ත් – භච්චන් රංගනයෙන් එක් වූ ‘වෙට්ටියන්’ ආදායම් වාර්තා තබයි

රජිනිකාන්ත් – භච්චන් රංගනයෙන් එක් වූ ‘වෙට්ටියන්’ ආදායම් වාර්තා තබයි

by sachintha
October 14, 2024 1:44 am 0 comment

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු අමිතාබ් භච්චන් සහ දෙමළ කොලිවුඩ් සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් වසර 33කට පසු රංගනයෙන් එක්වූ ‘වෙට්ටියන්’ දෙමළ චිත්‍රපටය තිරගත වීම ඇරඹූ පසුගිය 10 වැනිදා ඉන්දීය රුපියල් කෝටි 26ක ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇතැයි ද, පළමු දින තුනේදී පමණක් රුපියල් කෝටි 81.7ක වාර්තාගත මුදලක් උපයා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බොලිවුඩ් සහ කොලිවුඩ් සිනමාවේ සියලු ආදායම් වාර්තා බිඳ දමනු ඇතැයි අනාවැකි පළ වී ඇති ‘වෙට්ටියන්‘ චිත්‍රපටයේ රජිනිකාන්ත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ චරිතයට පණ පොවන අතර, අම්තාබ් භච්චන් අධිකරණ විනිසුරුවරයකු ලෙස රංගනයෙන් එක්වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT