ඇදහැලෙන මහ වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මුහුද රළුවීමෙන් වයඹ මුහුදු තීරයේ ප්‍රදේශ ගණනාවක වෙරළ ඛාදනයට ලක් වෙමින් පවතියි. මින් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ තොඩුවාව හා ඉරණවිල වෙරළ තීරයේය. තොඩුවාව සහ ඉරණවිල පාලම අසල සිට උතුරු දෙසට කිලෝමීටර් තුනකට ආසන්න ප්‍රමාණයක් ඛාදනය ලක්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මේ හේතුවෙන් නිවාස රැසක් කැඩීයාමේ තර්ජනයට ලක්ව ඇති අතර තාවකාලිකව ඉදිකර ඇති ධීවර වාඩි කිහිපයක්ද කැඩී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පැවසූහ. ඉරණවිල ප්‍රදේශයෙන් ගමන් ගන්නා හලාවත සිට වෙන්නප්පුව දක්වා වූ මුහුදුබඩ මාර්ගය ආසන්නයටම වෙරළ ඛාදනය වීම හේතුවෙන් එම මාර්ගය කැඩී විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඉදිකර ඇති ආරක්ෂිත ගල් වැටි විශාල ප්‍රමාණයක් කැඩී ගොස් විනාශ වී තිබේ. කඩිනමින් ගල් වැටි දමා මෙම තත්ත්වය අවම කිරීමට කටයුතු කරන මෙන් අදාළ බලධාරීන්ගෙන් ධීවර ජනතාව ඉල්ලා සිටිති.
මාරවිල සමූහ – මිහිර විජේසේකර