47
අරලියගහ මන්දිරයට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි සියල්ල පසුගිය 11 වැනි දින කොළඹ මහ නගර සභාව විසින් කඩා ඉවත් කරනු ලැබීය.
අරලියගහ මන්දිරය ඉදිරිපිටින් ඇති මාර්ගය ආරක්ෂක හේතු මත වසර ගණනාවක් පුරා වසා දමා තිබිණි. වත්මන් රජය විසින් මේ මාර්ගය විවෘත කිරීමත් සමඟ මේ වන විට රථවාහන ධාවන කටයුතු සිදු වේ. මාර්ගය අවහිර වන සේ ඉදිකර තිබූ මේ මුරකුටි ඉවත් කරනු ලැබීය.
දීර්ඝ කාලයක් පුරා ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මේ මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් දී තිබුණි.
බණ්ඩාරගම බිමල් ජයසිංහ