ලෝක ඖෂධ දිනය නිමිත්තෙන් කන්තලේ ප්‍රාදේශීය රෝහෙල් ඖෂධවේදීන් විසින් සංවිධානය කරන ලද දැනුම්වත් කිරීමේ වැඩසටහනක්, වෛද්‍ය අධිකාරී පී.එල්. එදිරිසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
සායන ප්‍රතිකාර ලබා ගන්නා පිරිසක් මෙම දැනුම්වත් කිරීමට සහභාගි කරවාගෙන තිබිණි. මෙහිදී ඖෂධ වර්ග නිෂ්පාදනය ක්‍රියාවලියේ අවස්ථා, ඒ සඳහා භාවිතයට ගන්නා ද්‍රව්‍යයන් හා ඒවා භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය, ඖෂධවල සඳහන් ලේබල් ආදී වැදගත් කරුණු රාශියක් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සිදු කෙරිණි. තවද පුද්ගලයන්ගේ නොදැනුවත්කම නිසා ඒවා භාවිතයේදී, තැන්පත් කර තබන ආකාරයේදී හා අප විසින් සිදු කරනු ලබන නොයෙකුත් වැරදි ක්‍රම නිසා ඖෂධවල නියමිත ගුණයන් නැති කර ගන්නා ආකාරයන් පිළිබඳ වටිනා කරුණු රාශියක් පිළිබඳ මෙහිදී දැනුම්වත් කෙරිණි. ඖෂධවේදී දිලීප් ජයකොඩි, නිරෝෂි වාසලී යන මහත්ම මහත්මීහු විසින් දැනුම්වත් කිරීම් කටයුතු සිදුකරනු ලැබූහ.
කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි