Home » ශ්‍රී ලංකා වොලිබෝල් පිල 5 වැනි තැන නවතී

ශ්‍රී ලංකා වොලිබෝල් පිල 5 වැනි තැන නවතී

-ශූරතාව උස්බෙකිස්තානයට

by sachintha
October 14, 2024 1:40 am 0 comment

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ මධ්‍යම ආසියානු 20න් පහළ වොලිබෝල් තරගාවලියේදී සද්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම 5 වැනි ස්ථානයෙන් සෑහීමට සිදු විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී කණ්ඩායම් 6ක් තරග වැදුණු මේ තරගාවලියේ මූලික වටයේදී තරග 5ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල මාලදිවයින පමණක් පරාජය කිරීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පත්වූ අතර, සියලු තරග පරාජය වූ මාලදිවයින 6 වැනි ස්ථානයට පත්විය. මේ හේතුවෙන් අවසන් වටයේදී 5 වැනි ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලිදිවයින යළි තරග වැදුණු අතර, එහිදී වට 3-0ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි විය. එහි ලකුණු තත්ත්වය සටහන් වූයේ 25-12ක්, 25-20ක් සහ 25-20ක් ලෙසිනි.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගනිමින් අවසන් තරගයට එක්වීමට උස්බෙකිස්තානය සහ නේපාලය සමත් වූ අතර, ශූරතා දිනා ගැනීම වෙනුවෙන් පැවති අවසන් තරගයේදී වට 3-1ක ජයක් හිමි කර ගත් උස්බෙකිස්තානය තරගාවලියේ අපරාජිතයන් ලෙස ශූරතාව දිනා ගත්තේය. එහි ලකුණු තත්ත්වය 25-27ක්, 25-10ක්, 25-16ක් සහ 25-20ක් ලෙස සටහන් වූ අතර, තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයෙන් කිරිගිස්තානය වට 3-2ක් ලෙස පරාජය කිරීමට ටර්කිමේනිස්තානය සමත් විය.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT