Home » අපේක්ෂක මනාප අංක ලබාදීම හෙටින් අවසන්

අපේක්ෂක මනාප අංක ලබාදීම හෙටින් අවසන්

by chanaka
October 15, 2024 9:30 am 0 comment

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි.

එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව අද (15) සහ හෙට (16) යන දෙදින තුළ මනාප අංක නිකුත් කිරීමේ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද(15) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකු විසින් වැයකළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකිරීමට නියමිත බව සඳහන්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT