Home » නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා සිට

නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා සිට

by chanaka
October 15, 2024 11:46 am 0 comment

එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවයි අද (15) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඊ-පාස්පෝට් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බවත්, එයට අදාළව ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකරන බවත් උසාවි නියෝගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ අවධානය යොමුකරන බව ඔහු වැඩිදුටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT