Home » ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් පෙජරෝවක් නුවරඑළියෙන් සොයා ගැනේ

ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් පෙජරෝවක් නුවරඑළියෙන් සොයා ගැනේ

by sachintha
October 15, 2024 1:50 am 0 comment

ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් පෙජරෝ ජීප් රථයක් දිරාපත් වීමට අත්හැර දමා තිබියදී නුවරඑළිය පොලිසිය විසින් පෙරේදා (13) සොයා ගත් බව නුවරඑළිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියකු පැවැසීය.

නුවරඑළිය හැඩ්න්හිල් මාර්ගයේ පිහිටි නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් භූමියේ මේ ජීප් රථය වසර ගණනාවක් පුරා ගාල් කර ඇති බවත්, එම ජීප් රථය මේ වන විට සම්පූර්ණයෙන්ම දිරාපත් වී දැඩි අබලන් තත්ත්වයේ පවතින බවත් පොලිසිය කියයි.

නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇමැතිවරයකුගේ පෞද්ගලික සම්බන්ධීකරණ නිලධාරියකුට භාවිත කිරීම සඳහා එවකට මේ ජීප් රථය හා තවත් ජීප් රථයක් ඇමැතිවරයා විසින් දී ඇති බවත්, අනෙක් ජීප් රථය සොයා මේ වන විට පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, රජයට අයත් වාහන නුවරඑළියේ සඟවා ඇති බවට ලද තොරතුරක් මත මේ වන විට ජීප් රථ දෙකක් සොයා ගෙන ඇති බවත්, තවත් රජයේ වාහන කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති නිසා එම වාහන ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT