Thursday, May 8, 2025
Home » සතොස සේවකයන් දේශපාලන වැඩට යෙදවීම රෝගී කියා ජොනී නඩුවට නොඑයි

සතොස සේවකයන් දේශපාලන වැඩට යෙදවීම රෝගී කියා ජොනී නඩුවට නොඑයි

by sachintha
October 15, 2024 12:11 am 0 comment

වෙළෙඳ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට සතොස සේවකයන් 39 දෙනකු යොදා ගැනීමට එරෙහිව පැවරූ නඩුවට රෝගී බව පවසා හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පෙනී නොසිටියේය. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ ඊයේ (14දා) නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විත්තිකරුගේ රෝගී තත්ත්වය දැක්වෙන වෛද්‍ය සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2010-2015 දක්වා කාලය තුළදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මඟින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතුවල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය යන වරදට නඩු පවරා ඇත.

සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් නඩුවේ සෙසු විත්තිකරුවන් වේ. ලබන ජනවාරි 22දා නඩුව යළි කැඳවීමට නියමිතය.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT