Home » මේ වසරේ මුල් මාස 9ට රටවිරුවන්ගෙන් කෝටි 145,300ක්

මේ වසරේ මුල් මාස 9ට රටවිරුවන්ගෙන් කෝටි 145,300ක්

-2023 වසරට වඩා 11.5% වර්ධනයක්

by sachintha
October 15, 2024 12:12 am 0 comment

මේ වසරේ පළමු මාස නවයක කාලයේ දී රුපියල් කෝටි 145, 300 (ඇමෙරිකානු ඩොලර් මිලියන 4, 843.8 ක) ආදායමක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ප්‍රේෂණ මෙරටට ලැබී තිබේ.

එය මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේෂණවල වටිනාකම බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය පසුගිය 2023 වසරේ මුල් මාස 09 තුළ ලැබී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 4, 345.1 ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සියයට 11.5 ක වර්ධනයක් බව එම බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

මේ වසරේ සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 555.6 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර මේ වසරේ අගෝස්තු මාසයේ දී මෙම වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 577.5 ක් වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT