මේ වසරේ පළමු මාස නවයක කාලයේ දී රුපියල් කෝටි 145, 300 (ඇමෙරිකානු ඩොලර් මිලියන 4, 843.8 ක) ආදායමක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ප්‍රේෂණ මෙරටට ලැබී තිබේ.
එය මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේෂණවල වටිනාකම බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එය පසුගිය 2023 වසරේ මුල් මාස 09 තුළ ලැබී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 4, 345.1 ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සියයට 11.5 ක වර්ධනයක් බව එම බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.
මේ වසරේ සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 555.6 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර මේ වසරේ අගෝස්තු මාසයේ දී මෙම වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 577.5 ක් වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.
මහින්ද අලුත්ගෙදර