166
බෙලිඅත්ත සිට මරදාන බලා අද (15) උදෑසන ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරි දුම්රියේ මග්ගොන රොක්ලන්ඩ් පාර ආසන්නයේදී ගැටුණු 69 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇත .
මෙසේ මිය ගොස් ඇත්තේ මග්ගොන ,මාගල්කන්ද ,රෝසම් හයිම් නිවාස සංකීර්ණයේ පදිංචි ව සිටි මතෙස් නම්බුවා හේවගේ චන්ද්‍රසේන නම්වූ අයෙකි .
දුම්රියේ ගැටී මිය ගිය අයගේ මළ සිරුර එම දුම්රියේම ගෙනැවිත් දකුණු පයාගල දුම් රිය ස්ථානයට භාරදී ඇති අතර ඉන් පසු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට යවා තිබේ .
පයාගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ජයසේකර මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ .