Home » රජයේ රස පරීක්ෂක ධුරයට සන්ධ්‍යා කුමුදුනී පත්කෙරේ

රජයේ රස පරීක්ෂක ධුරයට සන්ධ්‍යා කුමුදුනී පත්කෙරේ

by yasara
October 15, 2024 11:56 am 0 comment

රජයේ නව රස පරීක්ෂක තනතුර සඳහා සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ පත් කර තිබෙයි

ඒ රජයේ රස පරීක්ෂක ලෙස කටයුතු කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය පසුගිය 11වනදා විශ්‍රාම ගැනීමෙන් ඇති වූ පුරප්පාඩුව හේතුවෙනි

සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය රජයේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

රප්පාඩු වී ඇති එකී තනතුර සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මීළඟට ඉහළම ජ්‍යෙෂ්ඨතාව හිමි, දැනට රජයේ අතිරේක රස පරීක්ෂක තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි පතිරගේ සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීම පිණිස අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT