Home » නිදහස් උළෙළ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක්

නිදහස් උළෙළ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක්

by yasara
October 15, 2024 2:41 pm 0 comment

77 වන නිදහස් සමරු උළෙල පැවැත්වීමට අදාළ කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් අග්‍රාමාත්‍යවරියගේ සහ බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු / ජාතික ඒකාබද්ධතා සහ සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් එම අමාත්‍ය මණ්ඩල කමිටුව පත්කෙරෙයි.

නිදහස් උත්සවය අභිමානවත් ලෙස සංවිධාන කිරීමට හැකිවන පරිදි සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුලු සියලු ආයතනවල ප්‍රධානීගේ සහභාගීත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT