Home » ඩෙංගු යළි හිස එසවීමේ අවධානමක්

ඩෙංගු යළි හිස එසවීමේ අවධානමක්

by yasara
October 15, 2024 2:56 pm 0 comment

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් සිදුකර තිබෙයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය ප්‍රකාශ සිටියේ මේ වසරේ ගත වූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 40,657 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි .

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 20දෙනෙකු මියගොස් තිබෙන බව එම මහත්මිය සඳහන් කර සිටියාය.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ යළිත් වරක් ඩෙංගු මඳුරුවන් බෝවීමේ අවදානමක් පවතින බැවින් තමන්ගේ ගෙදර වටපිටාව පිරිසිදුව තබා ගන්නා ලෙසයි විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT