Home » ණය ගෙවීමට රටේ ආර්ථිකයත් දේශපාලනයත් ස්ථාවර විය යුතුයි

ණය ගෙවීමට රටේ ආර්ථිකයත් දේශපාලනයත් ස්ථාවර විය යුතුයි

-සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
October 15, 2024 3:40 am 0 comment

2028 වසරේ ණය ගෙවීමට නම් රටේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයක් තිබිය යුතු යැයි සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා මොරටුවේදී පැවැති සමගි ජන බලවේග පක්ෂ ක්‍රියාකාරී හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“2028 වසරේ ණය ගෙවන්න නම් අපේ රටේ ආර්ථිකය ශීඝ්‍ර ලෙස වර්ධනය විය යුතුයි. ඒ සඳහා ඍජු විදේශ ආයෝජන ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා රටේ ආර්ථික මෙන්ම දේශපාලන ස්ථාවරත්වය රැකගත යුතුයි.

නව ආයෝජන සඳහා පවතින වැරදි නීතිරීති රෙගුලාසි ඉවත් කර දූෂණය, වංචාව සහ හොරකම පිටුදකින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මානව ප්‍රාග්ධන සංවර්ධන වැඩපිළිවෙළක්, දක්ෂ ශ්‍රම බළකායක් ඇති කළ යුතුයි.

එමෙන්ම අපේ රට ගොඩනඟන ගමනට මුලපිරිය යුතුයි. ඒ සඳහා මහමැතිවරණයට ඉදිරිපත් වුණා. අපේ රටේ ණයවලින් කොටසක් ගෙවීමේ වැඩපිළිවෙළ 2028 ආරම්භ වෙනවා. ආර්ථික වර්ධන වේගය ඉබි ගමනින් යන මොහොතක වසර හතරක ණය ගෙවීමට සිදු වෙනවා. එය හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගත් ගිවිසුමක්.

එබැවින් ඍජු විදේශ ආයෝජන රටවලට ඇති හිතවත්කම් මත සිදු වෙනවා. ඔවුන් පැමිණෙන්නේ වැඩිම ප්‍රතිලාභ ඇත්නම් නිසා වියට්නාමය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් තෝරා නොගෙන අප රට තෝරාගැනීමට අවශ්‍ය පදනම සකස් කළ යුතුයි. ආයෝජන ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි. මේ ආයෝජන ඉලක්ක කේන්ද්‍රීයව සහන දිය යුතුයි.”

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT