Home » මහ මැතිවරණයේදී ජනතාවගේ ජන්දය වැඩකළ හැකි පිරිසකට

මහ මැතිවරණයේදී ජනතාවගේ ජන්දය වැඩකළ හැකි පිරිසකට

කොළඹ දිස්ත්‍රික් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක රනිල් විල්අද්දරගේ

by chanaka
October 15, 2024 1:49 am 0 comment

ගෑස් සිලින්ඩරය සලකුණ යටතේ ශක්තිමත් කණඩායමක් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇති නිසා ජනාධිපතිවරණයේ ප්‍රතිඑලයට වඩා මහ මැතිවරණයේ ප්‍රතිඑල වෙනසක් වනු ඇති බව කොළඹ දිස්ත්‍රික් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක (ගෑස් සිලින්ඩය) රනිල් විල්අද්දරගේ මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ පිළියන්දල කාර්යාලයේ පැවති සුහද හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් විල්අද්දරගේ මහතා,

“ජනාධිපතිවරණයේදී ජනතාව හැගීම්බරව හා ආවේගශීලිව ගත් තීරණය ජනතාවගේ පැත්තෙන් සාධාරණයි. හැගීම්බරව තීරණ ගෙන කටයුතු කළ විට සත්‍ය වසන් ⁣වෙනවා. මෙවර මහ මැතිවරණයේදී ජනතාව ජන්දය ලබා දෙන්නේ ජනතාව සමග සිටින ජනතාවට වැඩක් කළ හැකි පිරිසකටයි. ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂක ලැයිස්තුවට වඩා සමාජයට හා රටට වැඩක් කළ, ජනතාව සමග සිටින ප්‍රබල පිරිසක් ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරණ ප්‍රතිඑලයට වඩා මහ මැතිවරණ ප්‍රතිඑලය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සුබදායකයි.

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ජන්දය ලබා දීම ගැන කැස්බෑව ආසනයේ ජනතාවට පළමුව ස්තූතිවන්ත වෙනවා. කැස්බෑව ආසනය තුළ අපි ක්‍රියාකාරී ලෙස ‍දේශපාලනය කළා. ඒ අපිට දක්ෂ, බුද්ධිමත් පිරිස් අපි සමග එකතු වුන නිසා. ජනතා විමුක්ති පෙරමුණ කැස්බෑව ආසනය ජයග්‍රහණය කළත් අපි රනිල් වික්‍රමසිංහ මහතාව ආසනය තුළ ‌දෙවැනි තැනට ගෙන ඒමට හැකි වුනා. සමගි ජන බලවේගයට වඩා ඉදිරියට ගේන්න පුලුවන් වුනා.

ජනතාව හැගීම්බරව හා ආවේගශීලිව ගත් තීරණය ජනතාවගේ පැත්තෙන් සාධාරණයි. අවුරුදු හැත්තෑවක් ආණ්ඩු මාරුවෙලා, අවසානයේ රට බංකොලොත් වීමෙන් ජනතාව විදපු දුකත් එක්ක පරණ නායකයෝ කවුරුවත් යවන්නෙ නැහැ කියන ආවේගශීලි තීරණය ජනතාවගෙන් බහුතරයක් අරගෙන තිබුනා. ජනතාව විදපු දුකත් එක්ක ඒ ගත් තීරණය සාධාරණයි. නමුත් වර්තමානය වන විට එම මතය ජනතාවගෙන් වෙනස් වෙමින් තියෙනවා.

හැගීම්බරව කටයුතු කළාම සත්‍ය වසන් වෙනවා. සත්‍ය තමයි අපි ඉන්න ‌මේ බැරෑරැම් තත්ත්වයට මුහුණ දෙන්න පලපුරුදු නායකයින් අවශ්‍යයි කියන එක. පවතින තත්ත්වයෙන් රට ගොඩ ගන්න. පලපුරුද්ද තිබුනු රනිල් වික්‍රමසිංහ අවශ්‍යයි කියන මතයේ අපි හිටියේ. අදටත් ඔහු රටට අවශ්‍යව තිබෙනවා.

ප්‍රායෝගික වශයෙන් ගත්තොත් ගෙදර කුස්සියේ ආර්ථිකය හදාගන්න බැරිනම් රටේ ආර්ථිකය හදන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් රටේ ආර්ථිකය හදන එක කාලයට භාරයි. පාර්ලිමේන්තු මැතිවරණයකට අපි ඉදිරිපත් වෙනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ දක්ෂ, පලපුරුදු නායකයින් සිටි පක්ෂයක්. උපාලි විජේවර්ධන වැනි ව්‍යවසායකයින්, ජේ.ආර් ජයවර්ධන, ගාමිණි දිසානයක, ලලිත් ඇතුලත්මුදලි වැනි ප්‍රබල නායකයින්ගෙන් අභාෂය ලත් නායකයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහතා විනාශ වෙන්න ගිය රට බේරා ගත්තා. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනු ලැබුවා.

දක්ෂ නායකයින් බිහිවුණු පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පක්ෂය ඉදිරියට ‌ගෙනියන්න අවශ්‍යයි. රට මොනයම් හේතුවක් නිසා අර්බුදයකට ලක් වූවහොත් ජනතාව යළිත් දුවගෙන එන්නෙ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාවට. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කළ යුතුයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT