Home » ආතතියෙන් මිදෙන්න දරුවන්ට කියලා දෙන්න ගී රසවින්දන වැඩසටහනක්

ආතතියෙන් මිදෙන්න දරුවන්ට කියලා දෙන්න ගී රසවින්දන වැඩසටහනක්

by sachintha
October 15, 2024 4:36 am 0 comment

මානසික ආතතියෙන් සිසු දරුවන් මුදා ගැනීම සඳහා ‘ජීවිත ගී රසවින්දන’ වැඩසටහනක් දොම්පෙ ප්‍රාදේශීය සභාවේ කිරිඳිවැල මහජන පුස්තකාලය විසින් පිංගමුව ප්‍රාථමික විද්‍යාලයේදී සිදු කරන ලදී. ප්‍රාදේශීය සභාවේ ලේකම් අජිත් රණසිංහ මහතාගේ උපදෙස් පරිදී ප්‍රජා සංවර්ධන නිළධාරී ජේ.ජයතිස්ස මහතා ඇතුළු කාර්යය මණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී . එම අවස්ථාවට ජන ගී, ජන කවි ආශ්‍රිත නිර්මාණ වේදිකාගත කිරීම, සාහිත්‍ය ක්ෂේත්‍රයේ නැටුම්, ගැයුම් ඇතුළු තරඟාවලීන්හි විශේෂ කුසලතා දැක්වූ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ සහ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන එකම පවුලේ සොහොයුරියන් දෙදෙනා වන ටී.ජී.සවිත්නා හා ටී.ජී.එසදි යන දැරියන් විසින් ද ගායනා ඉදිරිපත් කරන ලදී. එම ගීත හා කාව්‍යයන්හි තේමාවන් පැහැදිලි කරමින් රසවින්දනාත්මක දේශනය පැවැත්වීම ජේ.ජයතිස්ස මහතා විසින් සිදු කරන ලදී.

විදුහල්පති ඩබ්.ඒ.ඩී.ඩී.විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් දරුවන් සමඟ විවිධ රංගනයන්ට ද ඉදිරිපත් විය.

ජී.එස්. තැලිගම – කිරිඳිවැල සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT